දිනෙන් දින අඩුවන බදුල්ලේ වවුල් ගහණය (වීඩියෝ)
Saturday, 06 June 2020 - 15:43 | Views - 884
ක්ෂීරපායි සත්ත්වයෙකු වන වවුලන් සම්බන්ධයෙන් බදුල්ල නගරය ප්‍රසිද්ධියක් උසුලන අතර එහි එක් උද්‍යානයක් වවුල් උද්‍යානය ලෙස නම් කර ඇත්තේද ඒ හේතුවෙන්.
මීට වසර 5 කට පමණ පෙර මෙම උද්‍යානයේ සියලුම ගස්වල හිමිකරුවන් වූයේ මෙම වවුල් ගහණයයි.
ඔවුන්ගේ නාදය මෙන්ම හැසිරීම විටෙක බදුල්ල නගරයට චමත්කාරයක්ද එක් කළා.
සංචාරක ප්‍රදේශයක් වන ඇල්ල නගරයට ආසන්න බදුල්ල වවුල් උද්‍යානයේ ඇති මෙම ජෛව විවිධත්වය දෙස්, විදෙස් සංචාරකයින්ගේද ඉහළ ආකර්ශනයක් දිනාගැනීමට සමත්ව තිබුණා.
කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ වවුල් උද්‍යානය සම්බන්ධයෙන් පසුගිය සමයේ බලධාරින්ගේ අවධානයක් යොමු නොවූ බවයි.
ඒ හේතුවෙන් මෙන්ම, බදුල්ල නගරය ආශ්‍රිතව ජනාවාස ක්‍රම ක්‍රමයෙන් ඉහළ යාම සහ එම ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මේ වනවිට බදුල්ල වවුල් උද්‍යානයේ වවුල් ගහණය අඩුවෙමින් පවතින බව ප්‍රදේශවාසින් පවසනවා.
Share This Article