මාතලේ - මහවෙල - මඩවලඋල්පත - හතමුණගාල ප්‍රදේශයේදී කොස්ගසක අත්තක් සමග අධිබලැති විදුලි රැහැනක් ලොරි රථයක් මතට කඩා වැටී සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
එම අවස්ථාවේදී ලොරි රථය තුළ තරුණයින් 3 දෙනෙකු සිට ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකුයි මෙලෙස විදුලිසැර වැදී ජිවිතක්ෂයට පත්ව ඇත්තේ.
අනෙක් තරුණයා ලොරි රථයෙන් ඉවතට පැන දිවි බේරා ගෙන තිබෙනවා.
මියගිය 23 හැවිරිදි සහ 27 හැවිරිදි තරුණයන් මහවෙල - සැලගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.
