සඳුදා සිට යළිත් මංතීරු නීතිය
Saturday, 06 June 2020 - 14:49 | Views - 231
ලබන සඳුදා (08) සිට බස්නාහිර පළාත තුල රථවාහන මංතීරු නීතිය නැවත ක්රියාත්මක කරන බව කොළඹ නගරයේ රථ වාහන එක්කය පවසනවා.
එහි අධ්යක්ෂ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර සඳහන් කළේ මේ අනුව බස් රථ ප්රමුඛතා මං තීරු නීතියද මොරටුව සිට පිටකොටුව ඕල්කට් මාවත දක්වා ක්රියාත්මක කරන බවයි.
මේ පිළිබඳව සොයා බැලීමට දෛනික රථ වාහන රාජකාරීවලට යොදවා ඇති පොලිස් නිලධාරීන්ට අමතරව අතිරේක නිලධාරීන් 500ක් යෙදවීමට කටයුතු කරන බව ද පොලිස් අධිකාරීවරයා සඳහන් කළා.
Share This Article