ආපනශාලවකට කඩා වැදුණු ලංගම බස් රථය (වීඩියෝ)
Saturday, 06 June 2020 - 11:21 | Views - 1,616
වැලිමඩ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නුගතලව, උඩුමුල්ල ප්‍රදේශයේදී බස් රථයක් අද අලුයම (06) මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක් වීමෙන් ආපන ශාලාවකට සහ නිවසකට දැඩි අලාභ හානි සිදුවී තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කැප්පෙටිපොල ලංගම ඩිපෝවට අයත් මගී ප්‍රවාහන බස් රථයක්.
අනතුරින් බස් රථයට ද දැඩි හානි සිදුවී ඇති අතර බස්රථයේ රියදුරු සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නෑ.
වැලිමඩ පොලිසියේ රථ වාහන අංශය මෙම අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Share This Article