ඉදිරි දින කිහිපයේදී නිරිතදිග කොටසේ වැසි වැඩිවීමක්
Saturday, 06 June 2020 - 10:19 | Views - 614
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත් මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.
ගිඟුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං ද ඇති විය හැකි බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article