දෙමටගොඩදී කෝටියක හෙරොයින් සමඟ පුද්ගලයක් අත්අඩංගුවට
Saturday, 06 June 2020 - 9:20 | Views - 709
රුපියල් කෝටියකට අධික හෙරොයින් කිලෝවක් සමඟ සැකකරුවෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියා සිටියේ සැකකරු කොළඹ - උතුර කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි.
56 හැවිරිදි සැකකරු නටරාජා නවේන්ද්රන් හෙවත් බාබු යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වන බව සඳහන්.
Share This Article