ගල්කිස්සේ අපද්‍රව්‍ය ගැන අලුත් සැකයක්
Saturday, 06 June 2020 - 8:40 | Views - 1,073
ගල්කිස්ස වෙරළ තීරයේ ගොඩගැසී ඇති ස්වභාවිකව විනාශ නොවන ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිසියම් ආයතනයක් විසින් මුහුදට මුදා හැර ඇති බවට සැක පළ කරන බව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසනවා.
වෙරළ තීරයේ ගොඩගැසී ඇති මෙම ප්ලාස්ටික් තොගය සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය ඊයේ අනාවරණයක් ද සිදුකළ අතර, එම දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය පිළිබඳව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ ගල්කිස්ස පොලීසියට ද පැමිණිලි කර තිබෙනවා.
මේ අතර, වන අරණ පරිසර සංවිධානයේ ලේකම් තුෂාර වනසිංහ මාධ්‍ය හමුවක් කැඳවමින් චෝදනා කළේ ගල්කිස්ස වෙරළ තීරයට ගොඩ ගසා ඇති මෙම කසල තොගය කිසියම් සංවිධානාත්මක ක්‍රමවේදයකින් සිදුවූවක් බවයි.
ගොඩගැසී ඇති ප්ලාස්ටික් තොගය වෙන් කරන ලද ඒවා බව තහවුරු වන බවයි වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article