අනිද්දා සිට දුම්රිය සහ බස් රථ ගමන් වාර සාමාන්‍ය පරිදි
Saturday, 06 June 2020 - 7:35 | Views - 1,317
අනිද්දා දිනයේ සිට සාමාන්‍ය පරිදි දුම්රිය සහ බස් රථ ගමන් වාර ක්‍රියාත්මක කිරීමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, දුම්රිය සාමාන්‍ය කාල සටහනට අනුව, ක්‍රියාත්මක වනු ඇති.

දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට  අදහස් දක්වමින් සඳහන් කළේ කාර්යාල දුම්රිය 49 ක් ඇතුළුව මෙම දුම්රිය වාර ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර, ආසන ප්‍රමාණයට මගීන් රැගෙන යාමේ ගැටලු මතුව ඇති බවට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න චෝදනා කරනවා.

ඊට විසඳුම් ලබාදීමට නම් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය මගින් මගී සමීක්ෂණයක් සිදුකළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම ගැටලූව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී සෙනෙවිරත්නගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ ඊට පිළියම් ලෙස බස් ගමන් වාර වැඩි කිරීමට බලාපොරාත්තු වන බවයි.

ඒ සඳහා මේ දක්වා සංචාරක කර්මාන්තය සඳහා යොදා ගත් පෞද්ගලික බස් රථ යොදා ගැනීමට අවධානය යොමුව ඇති අතර, ඒවා ගමනාගමන කොමිසමේ ලියාපදිංචි කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව ද ලේකම්වරයා සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top