දැවපිට විහාරය ගැන හිරු පුවතට අග්‍රාමාත්‍යවරයාගේ අවධානය
Friday, 05 June 2020 - 21:06 | Views - 251
හිරු මධ්‍යහ්න ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුළින් අනාවරණ කළ වව්ලන්ගේ රජ දහනක් බවට පත්ව විනාශ මුඛයට යමින් පවතින කරඹෑව - දැවපිට පුරාණ විහාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ක්ෂණික අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට විහාරස්ථානයේ තත්ත්වය පිළිබඳව සොයාබලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදුන් බවයි අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ගංගානාත් අබේගුණවර්ධන කියා සිටියේ.

පෞරාණික විහාරස්ථානයක් වන ආනමඩුව - කරඹෑව ගම්මානයේ පිහිටි දැවපිට විහාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නොසැලකිල්ලෙන් අලූත්වැඩියාවක් නොමැතිව විනාශ මුඛයට යමින් පවතිනවා.

ටැංපිට විහාර සම්ප්‍රදායට අනුව ඉදිවූ ශ්‍රී සුදර්ශනාරාමය නැමති මෙම විහාරස්ථානය වඩාත් ප්‍රචලිත වී ඇත්තේ කරඹෑව - දැවපිට විහාරය ලෙසයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් මෙම විහාරස්ථානයේ බිතු සිතුවම් සහ ගොඩනැගිලි අද වනවිට විනාශයට පත්වෙමින් පවතින බවයි එහි වත්මන් විහාරාධිපති පූජ්‍ය ගල්කුලමේ ශ්‍රී ශීලානන්ද හිමියන් ප්‍රකාශ කළේ.

හිරු ප්‍රවෘත්ති ඔස්සේ මෙම තොරතුරු ප්‍රචාරය වීමෙන් අනතුරුව ඒ පිළිබඳව කඩිනම් අවධානය යොමුකළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ඊට අදාළ උපදෙස් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබා දී තිබෙනවා. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top