ගල්කිස්ස වෙරළ පිරිසිදු කිරීම ඇරඹේ
Friday, 05 June 2020 - 21:06 | Views - 432
ගල්කිස්ස වෙරළ තීරයේ ගොඩගැසී ඇති ස්වභාවිකව විනාශ නොවන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කර වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුත්ත අද ශ්‍රී ලංකා පොලිසියේ පරිසර කොට්ඨාශය සහ තවත් ආයතන කිහිපයක් එක්ව සිදුකළා.
ඒ අදට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීවයි.
එසේම, ගල්කිස්ස වෙරළ තීරයේ රුපියල් කෝටි 89ක වියදමින් ක්‍රියාත්මක වූ කෘතිම වැලි පෝෂණ ව්‍යාපෘතිය අසාර්ථක බවට පසුගිය දිනවල විවිධ පාර්ශව චෝදනා එල්ල කළා.
කෙසේ වෙතත්, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 01 වැනිදා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ අදාළ ව්‍යාපෘතිය සාර්ථක බවයි.
නීතිරීති පැනවීම මගින් පරිසරය රැක ගැනීමට වඩා උචිත වන්නේ සොබාදහමට අවනතවෙමින් පරිසර සුන්දරත්වය ආරක්ෂා කර ගැනීමට අවධානය යොමු කිරීමයි. පරිසරයේ තාවකාලික උරුමකරුවන් වන අප අනාගත පරපුර වෙනුවෙන් එය ආරක්ෂා කළ යුතුමයි.
Share This Article