මානසික ආබාධ සහිත දරුවෙකුට පොලිසිය පහරදුන් බව කියන සිද්ධිය ගැන පොලිස්පතිගේ නියමයෙන් විමර්ශනයක්
Friday, 05 June 2020 - 17:53 | Views - 513
අලුත්ගම - දර්ගා නගරයේ පොලිස් මාර්ග බාධකයකදී පොලිස් නිලධාරීන් පිරිසක් මානසික ආබාධයකින් පෙලෙන ළමයෙකුට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝගයෙන් කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ එම කාර්යාංශයේ නිලධාරී කණ්ඩායමක් විසින් විශේෂ විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ මෙම සිද්ධියේදී එම අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් වෙතින් යම් රාජකාරී පැහැරහැරීමක් සිදුවී ඇත් ද යන්න පරීක්ෂා කිරීමට අභ්‍යන්තර විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි.

ළමයාගේ පියාගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අවුරුදු 16ක් වූ ළමයා කළුතර නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට සහ මානසික වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කර ඇති අතර මෙතෙක් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා ලැබී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය 25 වනදා සවස 4.45ට පමණ පොලිස් මාර්ග බාධකයක් හරහා මුව ආවරණ නොමැතිව පාපැදියකින් ගමන් කළ පුද්ගලයෙකු නතර කිරීමට සංඥා කර ඇති බවයි.

එය නොතකා වැලිපැන්න දෙසට ගිය ඔහු යළිත් සුළු වේලාවකට පසු එම මාර්ග බාධකය හරහාම දර්ගා නගරය දෙසට පොලිස් අණ නොතකා ගමන් කර තිබෙනවා.

පසුව පොලිසිය විසින් පාපැදිය අල්ලා ඔහු නතර කිරීමට උත්සාහ කළ අවස්ථාවේ පාපැදිය බිම වැටී ඇතැයි සඳහන්.

එහිදී පාපැදිකරු ඉතා උස් හඬින් කෑ ගසමින් පැන දුවන්නට උත්සාහ කර ඇති අතර එහිදී පොලිසිය ඔහු මෙල්ලකර ගැනීමට කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියාසිටියා.

එම අවස්ථාවේ පැමිණි වෙනත් පුද්ගලයෙකු සඳහන් කර ඇත්තේ මෙම පාපැදිකරු මානසික ආබාධයකින් පෙළෙන අයෙක් වන අතර දර්ගා නගරයේ පදිංචිකරුවෙකු බවයි.

පසුව 16 හැවිරිදි මෙම ළමයාගේ පියා කැඳවා පොලිසියට රැගෙන ගොස් ප්‍රකාශයක් ලබාගෙන ළමයා පියාට භාරදී තිබෙනවා.

පොලිසිය කියාසිටියේ මාර්ග බාධකයේ සිටි නිලධාරීන් මුල් අවස්ථාවේ දී මෙම පාපැදිකරු මානසික රෝගියෙකු බවට  හඳුනාගෙන නොමැති අතර මත්ද්‍රව්‍ය භාවිත කර ඇති අයෙක් බවට සැක මතුවී ඇති බවයි.

පොලිසිය පාපැදිකරු මෙල්ල කර ගැනීමට අවශ්‍ය බලය පාවිච්චි කිරීමක් සිදුකර ඇති අතර පහරදීමක් සිදුකර ඇතැයි මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top