ගැබිණි කාන්තාවක් ඇතුලු වතු කම්කරුවන් 11 දෙනෙක් බඹර ප්රහාරයකින් රෝහලේ
Friday, 05 June 2020 - 17:51 | Views - 379
මස්කෙළිය ඕල්ටන් තේ වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (05) පස්වරුවේ බඹර ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
බඹර ප්රහාරයෙන් 11 දෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
තුවාල ලැබූවන් අතර සිටි ගැබිණි කාන්තාවක් සහ තවත් කාන්තාවක් වැඩිදුර ප්රතිකාර සඳහා දික්ඔය දිස්ත්රික් රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
රෝහල් ගතකර සිටින තුවාලකරුවන් පවසන්නේ තේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී එහි සිටි බඹරුන් තමන්ට පහර දුන් බවයි.
Share This Article