රාජ්‍ය තාන්ත්‍රිකයන් දිවයිනට පැමිණීමේදී පැය 72කට පෙර ලබා ගත් PCR වාර්තා ඉදිරිපත් කළ යුතු බව විදේශ අමාත්‍යාංශය කියයි
Friday, 05 June 2020 - 17:16 | Views - 547
රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩල හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ශ්‍රී ලංකාවට ඇතුළුවීමේදී අදාළ රටවලින් පිටවීමට පැය 72 කට පෙර ලබා ගත් පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කළ යුතු බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ එලෙස පී.සී.ආර්. වාර්තා ඉදිරිපත් ඉදිරිපත් කිරීමට අපොහොසත් වන්නේ නම්, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පී.සී.ආර්. පරීක්ෂාවකට භාජනය වීම අනිවාර්ය බවයි.
එමෙන්ම, දින 14ක කාලයක් නිල නිවාසවලදී ඔවුන් ස්වයං නිරෝධායනයට ලක්විය යුතු බවත්, රජය විසින් නිර්දේශ කර ඇති නිරෝධායන ක්‍රියාවලිය එලෙසින්ම අනුගමනය කළ යුතු බවත්, අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
දින 14 ක ස්වයං නිරෝධායන කාලය අවසන් කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍යාංශයට දැනුම් දීම අවශ්‍ය බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
Share This Article