මොණරාගලදී පොලීසිය සමඟ වෙඩි හුවමාරුවකින් සැකකරුවෙකු බරපතල තුවාල ලබයි
Friday, 05 June 2020 - 15:45 | Views - 531
මොණරාගල - ඉත්තෑකටුව කැලෑබද ප්‍රදේශයකදී පොලීසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකින් ඝාතන සිද්ධියක සැකකරුවෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරිය ජාලිය සේනාරත්න සඳහන් කළේ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් අද (05) දහවල් එම ප්‍රදේශයේ මෙහෙයුමක් සිදුකර ඇති බවයි.
එහිදී ඔහු පොලීසියට වෙඩි තැබීම හේතුවෙන් පොලීසිය ද වෙඩි තබා ඇති අතර එහිදී සැකකරු බරපතල තුවාල ලබා මොණරාගල රෝහලට ඇතුළත් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.
සැකකරු ළඟ තිබී පිහියක් අත්බෝම්බයක් සහ ගිනි අවියක් ද සොයා ගෙන තිබෙනවා.
Share This Article