මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 858 දක්වා ඉහළට
Friday, 05 June 2020 - 15:42 | Views - 458
තවත් කොරෝනා ආසාදිතයන් 19 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාම හේතුවෙන් මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 858 දක්වා ඉහළගොස් තිබෙනවා.
වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පුද්ගලයින් 10 දෙනෙකු, හෝමාගම මූලික රෝහලේ පුද්ගලයින් 8 දෙනෙකු සහ මිනුවන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ එක් අයෙකු මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බවයි.
තවත් රෝගීන් 928 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබනවා.
Share This Article