ගතේ වාරු නැතත් හිතේ සවියෙන් රටට සෙත්පතා අනුබුදු මිහිදු හිමියන්ගේ රුව සොයන "සීගිරියේ විශ්මකර්ම" (වීඩියෝ)
Friday, 05 June 2020 - 15:39 | Views - 434
රටට සහ ජනතාවට සෙත් පතා අනුබුදු මිහිදු මහා නාහිමියන්ගේ අනුරුවක් නිර්මාණය කරන්නට වෙහෙසෙන 81 හැවිරිදි කලාකරුවෙකු පිළිබඳ තොරතුරු අපට සීගිරියෙන් වාර්තා වුණා.
ඔහු සීගිරිය කලාපුරය ප්රදේශයේ පදිංචි ආර්.කේ. විජේරත්න නොහොත් කලාපුරේ වෙදමහතායි.
81 හැවිරිදි විජේරත්න මහතා කැටයම් කැපීමත් වෙදකම් කිරීමත් සම සමව සිය ජීවනෝපාය ලෙස සිදුකරනවා.
"සීගිරියේ විශ්මකර්ම" යන අන්වර්ත නාමයෙන් ප්රදේශයේ ප්රසිද්ධ විජේරත්න මහතා මේ දිනවල තවත් සුවිශේෂී කාර්යයක නිරත වනවා.
ඒ දරදඩු කොලොන් කොටයක අනුබුදු මිහිදු මහා නාහිමිගේ රුව කැටයමින් ඔපකරමින්.
Share This Article