ඉන්දියාව සාප්පු සංකීර්ණ, ආගමික ස්ථාන සහ අවන්හල් විවෘත කිරීමට සැරසෙයි
Friday, 05 June 2020 - 14:34 | Views - 376
කොවිඞ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් වසා දැමුණු සාප්පු සංකීර්ණ, ආගමික ස්ථාන සහ අවන්හල් ලබන 8 වනදා සිට විවෘත කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.
ඒ සඳහා මාර්ගෝපදේශ පෙළක් ද නිකුත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
කෙසේ නමුත්, වෛරස් ආසාදනය ඉහළ මට්ටමක පවතින ප්‍රදේශවල සාප්පු සංකීර්ණ හා ආගමික ස්ථාන තවදුරටත් වසා තැබෙනු ඇති. ඉන්දියාව මෙලෙස ක්‍රමයෙන් නැවත විවෘත කිරීමට පියවර ගැණුන ද පසුගිය දින දෙක තුළ එරටින් නව ආසාදිතයන් 25,000 ක් වාර්තා වී තිබෙනවා.
ඉන්දියාවේ පළමු කොරෝනා මරණ දහස වාර්තා වීමට දින 48 ක් ගත වුණා. එහෙත් දැන් දින 4 කට වරක් මරණ 1000 බැගින් වාර්තා වන බවයි ඉන්දීය රජයේ දත්ත මගින් අනාවරණ වන්නේ.
එමෙන්ම, ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 25,000 ක් වීමට දින 87 ක් ගත වූ අතර, පසුගිය දින දෙක තුළ එලෙස නව ආසාදිතයන් 25,000 ක් වාර්තා වීම විශේෂත්වයක්.
Share This Article