ඉන්දියාව සාප්පු සංකීර්ණ, ආගමික ස්ථාන සහ අවන්හල් විවෘත කිරීමට සැරසෙයි
Friday, 05 June 2020 - 14:34 | Views - 377
කොවිඞ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් වසා දැමුණු සාප්පු සංකීර්ණ, ආගමික ස්ථාන සහ අවන්හල් ලබන 8 වනදා සිට විවෘත කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

ඒ සඳහා මාර්ගෝපදේශ පෙළක් ද නිකුත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

කෙසේ නමුත්, වෛරස් ආසාදනය ඉහළ මට්ටමක පවතින ප්‍රදේශවල සාප්පු සංකීර්ණ හා ආගමික ස්ථාන තවදුරටත් වසා තැබෙනු ඇති. ඉන්දියාව මෙලෙස ක්‍රමයෙන් නැවත විවෘත කිරීමට පියවර ගැණුන ද පසුගිය දින දෙක තුළ එරටින් නව ආසාදිතයන් 25,000 ක් වාර්තා වී තිබෙනවා.

ඉන්දියාවේ පළමු කොරෝනා මරණ දහස වාර්තා වීමට දින 48 ක් ගත වුණා. එහෙත් දැන් දින 4 කට වරක් මරණ 1000 බැගින් වාර්තා වන බවයි ඉන්දීය රජයේ දත්ත මගින් අනාවරණ වන්නේ.

එමෙන්ම, ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 25,000 ක් වීමට දින 87 ක් ගත වූ අතර, පසුගිය දින දෙක තුළ එලෙස නව ආසාදිතයන් 25,000 ක් වාර්තා වීම විශේෂත්වයක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top