උතුරුමැද පළාතේ රෝහල් සංවර්ධනයට සෞඛ්‍ය ඇමතිනියගේ අවධානය
Friday, 05 June 2020 - 14:30 | Views - 381
උතුරු මැද පළාතේ රෝහල් වල පවතින අඩුපාඩු සොයා බලා ඒවා කඩිනමින් සම්පූර්ණ කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි උපදෙස් ලබා දී තිබෙනවා.
උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් සමඟ එම ආණ්ඩුකාර කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යවරිය මෙම උපදෙස් ලබා දී ඇති බව සඳහන්.
පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල රෝහල්වල අකර්මන්‍යව පවතින රුධිර ප්‍රතික්ශක්තීකරණ ජල පද්ධති කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට සහ එම රෝහල්වල පවතින කාර්ය මණ්ඩල හිඟයන් සම්පූර්ණ කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මෙහිදී උපදෙස් ලබා දුන් බවයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය නිවේදනය කළේ.
Share This Article