පිහි පහරකින් සීයා පරලොව යැවු 24 හැවිදිරි පාපතර මිනිපිරියට වැඩ වරදී
Friday, 05 June 2020 - 11:29 | Views - 832

තියුණු ආයුධයකින් පහර දීමක් හේතුවෙන්, 87 හැවිරිදි සිව් දරු පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ, හකුරුකුඹුර, නාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි මීරිගම පොලිසිය කියා සිටියේ.
මම ඝාතනයට සැකපිට ඔහුගේ මිනිපිරිය අත්අඩංගුවට ගෙන ඇති බව ද සදහන්.
මරණකරු නිතර මත්පැන් පානය කරමින්, දරු මුණුබුරන්ගේ නිවෙස්වලට යමින් රණ්ඩුසරුවල් ඇති කරගත් පුද්ගලයෙකු ද වනවා.
එලෙස දබර කරන අවස්ථාවක එක් මිනිපිරයක විසින් ඔහුට ආපසු යන ලෙස දන්වා, ඉන් අනතුරුව මරණ තර්ජන එල්ල කළ බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණවී ඇත්තේ.
කෙසේ වෙතත්, එම පුද්ගලයා දිගින් දිගටම බැනවැදී ඇති බවත්, අනතුරුව මිනිපිරිය විසින් ඔහු තල්ල කර ඇති බවත් අත්අඩංගුවේ පසුවන ඇය ප්‍රකාශ කර තිබුණා.
අනතුරුව මරණකරුගේ අතෙහි තිබු පිහිය උදුරාගෙන ඉන් පහරදී ඇති බව ද සදහන්.
හිසේ, කන අසල සහ අතෙහි කැපුම් තුවාල ඇතිව එම පුද්ගලයා මාර්ගයේ වැටි සිට ඇති අතර ඒ පිළිබදව ඔහුගේ දියණියක වෙත දන්වා තිබුණ ද ඇය ඊට නිසි ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ.
අනතුරුව ප්‍රදේශවාසීන් විසින් තුවාල සහිතව මරණකරුව රෝහල් ගත කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
වතුපිටිවල මූලක රෝහලෙන්, ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබුණ ද, පසුගිය 03 වනදා එම පුද්ගලයා ජීවිතක්ෂයට පත් වුණා.
සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් විසිහතර හැවිරිදි මිනිපිරිය වෘත්තීය අධ්‍යාපනය හදාරමින් සිටින අයෙකු බවයි පොලිසිය කියා සිටියේ.
මේ වනවිට පොලිසිය විසින් ඝාතනය කිරීම සදහා යොදා ගත් පිහිය ද සොයාගෙන තිබෙනවා.
දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව එය ඥාතීන් වෙත භාරදීමටයි නියමිතව ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොලිසිය විසින් ක්‍රියාත්කමයි.
Share This Article