සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකු රිමාන්ඩ්
Friday, 05 June 2020 - 10:14 | Views - 407
මොරටුව - සොයිසාපුර ප්රදේශයේ පිහිටි හෝටලයකට වෙඩි තබා එහි දේපලවලට හානි සිදුකිරීමේ සිද්ධියට අදාළව රත්මලාන ප්රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, ඊයේ ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයේ නියෝගයක් අනුවයි. එම සැකකරු පසුගිය 29 වැනිදා අදාළ හෝටලයට වෙඩි තැබීමට සහ පහරදීමේ සිද්ධියට සම්බන්ධ අයෙකු බව පොලිසිය සඳහන් කළා.
36 හැවිරිදි ඔහු පෙරේදා පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගනු ලැබුවේ රත්මලාන - මහින්ද මාවතේදීයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Share This Article