සෑම වර්ණයකම තරුණ තරුණියන්ට මම මේක කියන්න ඕනෑ, ඔබේ ජීවිත වටිනවා
Friday, 05 June 2020 - 8:29 | Views - 860
තරුණ තරුණියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ සිහින ඉතා වැදගත් හා වටින්නේ යැයි ඇමෙරිකාව පුරා නගරවල විරෝධතාවයේ නියැළී සිටින විවිධ ජාතීන්ට අයත් තරුණ පිරිස අමතමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා පැවැසීය.

ඇමෙරිකානු පොලිසිය තුළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු යැයි විඩියෝ තාක්ෂණය ඔස්සේ අදහස් දක්වමින් ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයා කීය.
 
මිනසෝටා ප්‍රාන්තයේ මිනියැපොලිස් නගරයේදී සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩත්තේට්ටම්වලට ලක්වීමෙන් කළු ජාතිකයකු වූ ජෝර්ඩ් ෆ්ලොයිඩ්ගේ මරණයෙන් පසු බැරැක් ඔබාමා ප්‍රසිද්ධයේ අදහස් දැක්වූ පළමු අවස්ථාව මෙය විය.
 
විරෝධතාවලට නියැළී සිටින තරුණ තරුණියන් ඇගයූ හිටපු ජනාධිපතිවරයා ප්‍රචණ්ඩත්වය අනුමත නොකරන බව මීට පෙර අවස්ථාවකදී පවසා තිබිණි. මෙය රට තුළ වෙනසක් කිරීමට අවස්ථාවක් කර ගත යුතු බව ද හෙතෙම එම අවස්ථාවේදී සඳහන් කර තිබිණි.
 
ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා මෙන්ම ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ද මේ වනවිට ප්‍රචණ්ඩත්වය හෙළා දකිමින් සහ විරෝධතාකරුවන්ට සහාය දක්වමින් අදහස් දක්වා ඇත.
 
ප්‍රචණ්ඩත්වය සහ අසාධාරණත්වය මේ මොහොතේ රටපුරා ඇති වී තිබෙන විරෝධතාවලට ප්‍රධාන හේතු වී ඇතැයි පෙන්වාදුන් හිටපු ජනාධිපතිවරයා ප්‍රාදේශීය මට්ටමින් ඒවා වෙනස් කළ යුතු යැයි ද කීවේය.
 
‘‘ඡන්දය දීම වගේම විරෝධතා කිරීමත් ඉතාම වැදගත්’’ යැයි ද ඔහු කීය.
 
‘‘රටේ සෑම නගරාධිපතිවරයකුගෙන්ම මම ඉල්ලනවා. සෑම ප්‍රජාවකගෙන්ම මම ඉල්ලනවා. පොලිසිය ඔවුන්ගේ බලතල භාවිත කරන ආකාරය නැවත විමසා බලන්න ඕනෑ. ඒවාට ප්‍රතිසංස්කරණ කරන්න ඕනෑ’’ යැයි හිටපු ජනාධිපතිවරයා කීය.
 
‘‘අපි සැබෑ වෙනසක් කරන්න ඕනෑ. සැබෑ වෙනසක් කරන්න නම් අපි දෙගොල්ලොම ප්‍රශ්නය ඉස්මතු කරන්න ඕනෑ. බලයේ සිටින අය අපහසුතාවට පත් කරන්න ඕනෑ. හැබැයි අපි මේ අවස්ථාව ප්‍රායෝගික විසඳුම් සෙවීමට අවස්ථාවක් කරගන්න ඕනෑ. ඒ වගේම ක්‍රියාත්මක කළ හැකි නීති සකස් කරන්න වුවමනාය’’ යැයි ද ඔහු කීවේය.
 
‘‘සෑම වර්ණයකම තරුණ තරුණියන්ටම මම මේක කියන්න ඕනෑ. ඔබේ ජීවිත වටිනවා. ඔබේ සිහින අපට වැදගත්’’ යැයි ඔහු පැවැසීය. ඇමෙරිකා එක්සත් ජනපදයේ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ද විරෝධතාකරුවන් සමඟ පාගමනේ යෙදිය යුතු යැයි ද ඔහු වැඩිදුරටත් කීවේය. ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා එරට පළමු කළු ජාතික ජනාධිපතිවරයා ය.
 
ඒ.එෆ්.පී./රොයිටර්
ලංකාදීප ඇසුරෙන්
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top