ඊයේ වාර්තාවූ ආසාදිතයන්ගෙන් 42 ක් නාවික හමුදා සාමාජිකයන් - 6ක් විදෙස් රටවලින් පැමිණි පුද්ගලයන්
Friday, 05 June 2020 - 8:25 | Views - 618
ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 48 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1797 දක්වා ඉහළ ගියා.

ඊයේ දිනයේදී වාර්තා වූ ආසාදිතයින්ගෙන් 48න් හතලිස් දෙදෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වනවා.

තුන්දෙනෙකු ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් වන අතර බංග්ලාදේශයේ සිට පැමිණි දෙදෙනෙක් ඊට අයත්.

එමෙන්ම, ඒ අතර ඩුබායි සිට පැමිණි පුද්ගලයෙකු ද සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම, මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 839 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, තවත් රෝගීන් 03 දෙනෙකු ඊයේ සම්පූර්ණයෙන්ම සුවය ලැබීමත් සමඟයි.

තවදුරටත් ආසාදිතයන් 940 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබනවා.

මේ අතර, කොරෝනා වෛරසය පාලනය අතින් ශ්‍රී ලංකාව සෙසු රටවලට සාපේක්ෂව හොඳ තත්ත්වයක පසුවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top