ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1789ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 17:49 | Views - 485
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1789ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද දිනයේ තවත් නව ආසාදිතයන් 7ක් හඳුනා ගැනීමත් සමගයි.
අද දිනයේ මේ දක්වා වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 40ක්.
ඉන් 36 දෙනෙකු නාවික හමුදා සෙබලූන් වන අතර, ඉතිරි 4 දෙනා ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවලින් මෙරටට පැමිණ මේ වනවිට නිරෝධායන කඳවුරු තුළ රැදී සිටින පුද්ගලයින් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මේවන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 939ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලැබූ 839ක් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව 11ක්.
Share This Article