මාළු ඇල්ලීමට ගිය පුද්ගලයෙක් වැවට වැටී මරුට
Thursday, 04 June 2020 - 15:54 | Views - 611
අම්බලන්තොට වැටිය වැවේ මාළු ඇල්ලීමට ගිය දෙදරු පියෙකු වැව තුලදී මියගොස් තිබෙන බවට ලැබුණු තොරතුරකට අනුව අගුනුකොලපලැස්ස පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්බකර තිබෙනවා .
මෙසේ මියගොස් ඇත්තේ අම්බලන්තොට වැටිය ප්‍රදේශයේම පදිංචි නාඔටුන්නගේ ආරියසේන නැමති වයස අවුරුදු 52 ක් පමණ වන දෙදෙරු පියෙකු වන අතර ඔහු පසුගිය 03 වනදා පස්වරු 1.30 පමණ මාළු ඇල්ලීමට යන බව පවසමින් ගෙදරින් පැටව ගොස් ඇති අතර පසුව රාත්‍රී වනතුරු නොපැමිණි නිසා සොයා බැලීමේදී අද (04) උදෑසන වැවේ මියගොස් සිටි අදාළ පුද්ගලයාගේ සිරුර හමුවී තිබේ .
මෙම පුද්ගලයා කෙසේ මියගොස් ඇත්ද යන්න පිලිබදව මෙතක් තොරතරු අනාවරණය වී නොමැති අතර පොලිසිය පවසා සිටියේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරු මරණය අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සදහා යොමු කරන බවයි.
මව්බිම
Share This Article