මාළු ඇල්ලීමට ගිය පුද්ගලයෙක් වැවට වැටී මරුට
Thursday, 04 June 2020 - 15:54 | Views - 612
අම්බලන්තොට වැටිය වැවේ මාළු ඇල්ලීමට ගිය දෙදරු පියෙකු වැව තුලදී මියගොස් තිබෙන බවට ලැබුණු තොරතුරකට අනුව අගුනුකොලපලැස්ස පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්බකර තිබෙනවා .

මෙසේ මියගොස් ඇත්තේ අම්බලන්තොට වැටිය ප්‍රදේශයේම පදිංචි නාඔටුන්නගේ ආරියසේන නැමති වයස අවුරුදු 52 ක් පමණ වන දෙදෙරු පියෙකු වන අතර ඔහු පසුගිය 03 වනදා පස්වරු 1.30 පමණ මාළු ඇල්ලීමට යන බව පවසමින් ගෙදරින් පැටව ගොස් ඇති අතර පසුව රාත්‍රී වනතුරු නොපැමිණි නිසා සොයා බැලීමේදී අද (04) උදෑසන වැවේ මියගොස් සිටි අදාළ පුද්ගලයාගේ සිරුර හමුවී තිබේ .

මෙම පුද්ගලයා කෙසේ මියගොස් ඇත්ද යන්න පිලිබදව මෙතක් තොරතරු අනාවරණය වී නොමැති අතර පොලිසිය පවසා සිටියේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරු මරණය අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සදහා යොමු කරන බවයි.

මව්බිම
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top