ජුනි, ජූලි මාස දෙක තුල චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ මාලාවක්
Thursday, 04 June 2020 - 15:49 | Views - 1,295
ජුනි සහ ජූලි මාසයන් තුල ලෝකවාසීන්ට චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ මාලාවක් දැක බලා ගත හැකි බව, කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.

ඒ අනුව හෙට (05) දිනයේදී ඡායා චන්ද්‍රග්‍රහණයක් මෙරට ජනතාවට දැකබලා ගත හැකි බවයි මහාචාර්යවරයා පවසන්නේ.

එම චන්ද්‍රග්‍රහණය නිමාවී දින 14කට පසු අර්ධ සූර්යග්‍රහණයක් මෙරටට දිස්වන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

එලෙස දිස්වෙන සූර්යග්‍රහණය නිමවී දින 14ක් ගිය පසු නැවතත් ජූලි මස පස්වනදා ඡායා චන්ද්‍රග්‍රහණයක් ලෝක වාසීන්ට දැකබලා ගත හැකි වනවා.

ඉන්පසුව නැවතත් දින 14කට පසු සූර්යග්‍රහණයක් දිවන අතර එය ඉන්දියාවේ උතුරු ප්‍රදේශවලට වළයාකාර සූර්යග්‍රහණක් ලෙස දිස්වෙන අතර මෙරටට එම  සූර්යග්‍රහණය දිවන්නේ අර්ධ සූර්යග්‍රහණයක් වශයෙන්.

මෙම වසරේ දී මෙරටට දැකබලා ගත හැකි අවසන් සූර්යග්‍රහණය මෙය බවයි මහාචාර්යවරයා සඳහන් කර සිටියේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top