මොරටුවේ ආපනශාලාවට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දෙදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
Thursday, 04 June 2020 - 15:29 | Views - 497
මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව, අඟුලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් 26 හැවිරිදි සහ 36 හැවිරිදි මෙම සැකකරුවන් දෙදෙනා මේ මස 8 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 27 වනදා අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා ද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
Share This Article