පාසල් ආරම්භ කරන දිනයේම පිරිවෙන් ආරම්භ කිරීමේ තීරණයක්
Thursday, 04 June 2020 - 14:56 | Views - 4,327
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු පිරිවෙන්, සෞඛ්‍ය බලධාරීන්ගේ නිගමනයන්ට යටත්ව පාසල් යළි ආරම්භ කරන දිනයේම විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
පිරිවෙන් විවෘත කිරීම සම්බන්ධයෙන් මේ වනතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
පිරිවෙන් විවෘත කරන තෙක් බාහිර ගුරු භවතුන්ගේ සහභාගීත්වයෙන් තොරව නේවාසික ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පවත්වාගෙන යන වන පොත් කිරීම් සහ වත් පිළිවෙත් කිරීම් කිසිදු බාධාවකින් තොරව සිදුකිරීමට හැකි බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
Share This Article