"කළු ජීවිත වැදගත් නැද්ද?" - ප්‍රාන්ත රැසක් ගිනිබත් කරවූ, කළු ජාතිකයාගේ මරණය ගැන, සුරූපී මේගන් සංවේදී වූ හැටි
Thursday, 04 June 2020 - 14:54 | Views - 731
ජෝර්ජ් ෆ්ලොයිඩ්..
 
මේ නම ඔබට මට නුහුරු නමක් නෙවෙයි... "මට හුස්ම ගන්න බෑ.." යනුවෙන් ඔහු කළ ප්‍රකාශය මේ වන විට ඇමරිකාවේ ප්‍රාන්ත ගණනක් දෙවනත් කරන සටන් පාඨයක් බවට පත්වෙලා..

මේ වන විට ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වෙලා තියෙන විදිහට ඔහු කොරෝනා ආසාදිතයෙක් බව විදෙස් වාර්තා කියනවා..
 
කොහොම නමුත්... සුදු ජාතික පොලිස් නිලධාරියෙකුගේ දණිස්සට විනාඩි අටක කාලයක් යටවුණු ඔහු නොසිතූ විදිහට මරු වැළඳ ගන්නේ එක්සත් ජනපදයම ගිනි අවුළවමිනුයි...
 
දැන් මේ කළු ජාතිකයා පිළිබඳව සුරූපී මේගන් කුමරියත් මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරලා.
 
රජ පවුලෙන් නික්ම හැරී කුමරුන් සමඟ වෙනම වාසය කරන මේගන්, ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය ගැන කියපු කතාවට ලෝකයේම අවධානය යොමු වෙලා තියනවා.
 
"කළු ජීවිත වැදගත් නැද්ද?" යනුවෙන් ප්‍රකාශ කරන ඇය ඔහුගේ මරණය ගැන සතියක් ප්‍රමාද වී කතා කිරීම ගැන කණගාටුව පළ කළා.
 
එමෙන්ම.. මෑත කාලිනව එක්සත් ජනපදයේ පොලිස් නිලධාරින් විසින් ඝාතනය කරනු ලැබූ වෙනත් අප්‍රිකානු (කළු ජාතික) ඇමරිකානුවන් ගැනද ඇය හෙළිදරව්වක් සිදු කර තිබෙනවා.
 
'ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ජීවිතය වැදගත් වූවා වගේම බ්‍රෝනා ටේලර්ගේ ජීවිතයත් ෆිලැන්ඩෝ කැස්ටිල්ගේ ජීවිතය තමීර් රයිස්ගේ ජීවිතයත් වැදගත් වුණා..'
 
මේ වන විට එක්සත් ජනපදයේ වාසය කරන සුරූපී මේගන්, කළු ජාතිකයාගේ මරණය වෙනුවෙන් "හඬක් නොනැඟීම" ගැන බොහෝ දෙනාගේ විවේචනයට බඳුන් වී සිටියා.
 
Dailymail ඇසුරිනි.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top