සංචාරක සහ වන්දනා ගමන් සඳහා ලියාපදිංචි වී තිබෙන බස් රථ ගැන ප්‍රවාහන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
Thursday, 04 June 2020 - 14:43 | Views - 675
පාසල් සිසුන් ප්‍රවාහනය කරන, සංචාරක සහ වන්දනා ගමන් සඳහා ලියාපදිංචි වීමට පොරොත්තු ලේඛනයේ තිබෙන බස් රථ පොදු මගී ප්‍රවාහනය සඳහා යොදාගන්නේ අවශ්‍ය වුවහොත් පමණක් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ලබන සඳුදා සිට පොදු ප්‍රවාහන සේවාවක් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහන අමාත්‍යාංශය පසුගියදා තීරණය කළා.
කෙසේ වෙතත් ඉදිරි දිනවලදීත් සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන උපදෙස් අනුව ආසන ගණනට පමණක් මගී ප්‍රවාහනය කිරීම සහ සෑම මගියෙක්ම මුව ආවරණ පැළඳ සිටීමද අනිවාර්ය වනවා.
Share This Article