ගැබිණි, ඇතින්නීයකට අන්නාසි ගෙඩිය තුළ වෙඩි බෙහෙත් තබා ඝාතනය කිරීමේ සිද්ධියට වනජීවි නිලධාරීයෙකු තැබු සංවේදි සටහන
Thursday, 04 June 2020 - 13:10 | Views - 2,875
ගර්භනී ඇතින්නීයකට අන්නාසි ගෙඩියක් තුළ වෙඩි බෙහෙත් තබා ඝාතනය කිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දියාවේ, කේරළ ප්‍රාන්තයේ අදාළ සිදුවීම සිදුවී ඇති බවයි එම වාර්තා සඳහන් කළේ.
 
එම ප්‍රාන්තයේ පල්ලකඩු නම් ගම්මානයේ මෙම ඇතීන්නිය පැමිණ ඇති අතර එහි වැසියින් මෙම සත්ත්වයාට මෙලෙස අන්නාසි ගෙඩියක් ලබාදීමටයි කටයුතු කර තිබුණේ.
 
දැඩි කුසගින්නේ සිටි එම ඇතීන්නිය එය ආහාරයට ගැනීමෙන් අනතුරුව එය  පුපුරා ගිය අතර එහිදී කුසෙහි වර්ධනය වෙමින් සිටි පැටවා ද මිය ගොස් ඇති බව සදහන්.
 
මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ වනජීවි නිළධාරියෙකු සිය මුහුණු පොතෙහි ඉතා සංවේදී සටහනක් ද තබා තිබුණේ මෙලෙසින්.
 
" ඇය ගැබිණියක්, එහි සිටි සියලු දෙනාවම ඇය විශ්වාස කළා, ඇය අනුභව කළ අන්නාසි ගෙඩිය කුසෙහි පුපුරා යනවිට අනිවාර්යයෙන්ම කම්පාවට පත්වන්නට ඇති. මක් නිසාදයත් ඇය තවත් මාස 18 ක් හෝ 20 ක් ඇතුළත දරුවෙකු බිහි කිරීමටයි සූදානමින් සිටියේ. ඇයගේ මුඛයෙහි පුපුරා ගිය වෙඩි බෙහෙත් අධිබලක්ශක්ති ඒවා විය. මුඛයත්, දිවත් දැඩි ලෙස තුවාලවී තිබුණා. වේදනාව ඉවසාගැනීමට නොහැකිව ඇය ගම පුරා දිව ගියා. මුඛයෙහි ඇති වූ තුවාල හේතුවෙන් කිසිවක් ආහාරයට ගැනීමට නොහැකිව සිටියා. දරාගැනීමට නොහැකි වේදනාවෙන් සිටියත් ගමේ කිසිවෙකුටත් හිංසා සිදු කළේ නැහැ. එම ප්‍රදේශයේ කිසිදු හානියක් සිදු කළේ නැහැ. එම නිසායි කියන්නේ, ඇය හොඳ කෙනෙක්. අවසානයේදී ඇය වේදනාව දරාගැනීමට නොහැකිව එහි තිබු ඇළකට බැස සිය තුවාල ජලයෙන් තෙමා ගත්තේ, ඒ මත සිටි මැස්සන් සහ කෘමින් පළවා හැරීමේ අරමුණින්.
 
මෙලෙස ඇළෙහි සිටි ඇයව මුදා ගැනීමට සුරේන්ද්‍රන් සහ නීලකාන්තන් යන ඇතුන් දෙදෙනෙකු රැගෙන ආවෙමු. නමුත් ඇය තමන් මිය යන බව දැන සිටියා විය හැකි. ඇය අපට කිසිවක් කිරීමට ඉඩ දුන්නේ නැහැ. එය දැක අප පුදුම වුණෙමු. අප රැගෙන ආ ඇතුන් ද ඇය දෙස බලා කදුළු සලමින් සිටියා. පැය ගණනක් උත්සහයන් අපතේ යවමින් මැයි 27 වනදින සවස 4ට පමණ මෙලොව හැර ගියා. අනතුරුව අප ඇයව මුදා ගත්තෙමු.
 
ලොරියක ආධාරයෙන්, ඇයව වනය තුළට රැගෙන ගොස් කුඩා වියෙහි ඇය ක්‍රීඩා කළ භූමියේ නිදි කරවා. දේහය මත දර තබා ආදහනය කළෙමු. ඇයගේ මුවෙහි තිබු වේදනාව අපට දැණුනි. ඇයට අප ගෞරවනීය සමුදීමක් ලබා දිය යුතුයි. ඇය ඉදිරියේ හිස නමා ආචාර කළෙමු. මනුෂ්‍යයෙක් හැටියට මා ඇයගෙන් සමාව ඉල්ලා සිටිමි. "

වනජීවි නිලධාරී මෝහන් ක්‍රිෂ්ණන්
 
ඉන්දිය මාධ්‍ය ඇසුරෙන්

Image may contain: text, outdoor, water and nature

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top