කිසිඳු ආකාරයක අලුතින් මුදල් මුද්‍රණය කිරීමක් සිදුකර නෑ
Thursday, 04 June 2020 - 11:09 | Views - 402
ඇතැමුන් පවසන අන්දමට ශ්‍රී ලංකා මහබැංකුව විසින් අලුතින් කිසිදු ආකාරයක මුදල් මුද්‍රණය කිරීමක් සිදුකර නොමැති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
ඒ අද පෙරවරුවේ පැවැත්වුන කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින්.
මිලියන දෙකක මුදල් ප්‍රමාණයක් මහබැංකුව විසින් මුද්‍රණය කර ඇති බවට පසුගියදිනවල ඇතැම් මාධ්‍ය සිදුකල වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදීයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ නව මුදල් මුද්‍රණය කළේ නම් මුදල් අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ ගේ මෙන්ම නව මහබැංකු අධිපති W D ලක්ෂ්මන් ගේ ද අත්සන් එහි තිබිය යුතු බවයි.
ඒ අනුව අලුතින් මුදල් මුද්‍රණය කළේ නම්, මොවුන් දෙදෙනාගේම අත්සන් ඇති මුදල් නෝට්ටුවක් ගෙනැවිත් පෙන්වන ලෙසද බන්දුල ගුණවර්ධන සියලුදෙනා වෙත අභියෝගයක් ද සිදුකළා.
Share This Article