අත් පා ගැටගැසූ තරුණයෙක්ගේ මළ සිරුරක් නිවසකින් හමු වෙයි
Thursday, 04 June 2020 - 9:42 | Views - 11,810
වවුනියාව මහරම්බකුලම කාර්තාර්සින්නකුලම් ප්‍රදේශයේ නිවසක තිබී අත් පය ගැට ගසන ලද තරුණයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් ඊයේ (3) සොයා ගෙන තිබේ.
වයස අවුරුදු 30 ක් පමණ වන මෙම තරුණයා පසුගිය වසරේ සිය බිරිද සමග පැමිණ මෙම නිවස කුලියට ගෙන ජීවත් වූ බව ගම් වැසියන් පොලීසියට පවසා තිබෙනවා.
මෙම නිවස දෙසින් දහවල් කාලය වනතුරුත් කිසිම ශබ්දයක්යක් නොඇසුණු නිසා ගම්වාසීන් ජනේලයකින් එබී බලන විට තරුණයාගේ මළ සිරුර දැක ඇතැයි සඳහන්.
වවුනියාව පොලීසියේ නිලධාරීන් පැමිණ මියගිය තරුණයාගේ මළ සිරුර පරීක්ෂණ කටයුතු සදහා වවුනියාව මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.
වවුනියාව-රසාදි චතුරංගි ගමගේ
මව්බිම
Share This Article