පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මර්දනයට පොලීසියෙන් වැඩපිළිවෙලක්
Thursday, 04 June 2020 - 9:03 | Views - 462
පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීම සඳහා ඉදිරියේදී නව වැඩපිළිවෙලක් සකස් කරන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සෑම පොලිස් ස්ථානයකම සිටින අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන නිලධාරීන් සම්බන්ධ කරගෙන මෙම වැඩපිළිවෙල සකස් කරන බවයි.
Share This Article