කළු ජාතිකයා ඝාතනයට ඇල්ලූ ඇමරිකානු පොලිසියේ හතරදෙනාට නව චෝදනා
Thursday, 04 June 2020 - 8:24 | Views - 1,234
ඇමරිකානු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් නිරායුධ කළු ජාතිකයෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන වැඩ තහනමට ලක් කර සිටින පොලිස් නිලධාරීන් සිව්දෙනාට එරෙහිව චෝදනා ගොනුකර තිබෙනවා.
ඝාතනය සිදුකළ පොලිස් නිලධාරියාට අධිචෝදනා ගොනුකර ඇති අතර, සෙසු නිලධාරීන් තුන්දෙනාට ඊට ආධාර අනුබලදීමේ චෝදනාවයි ගොනුකර ඇත්තේ.
මෙම සිද්ධිය මුල් කරගනිමින් ඇමරිකාවේ ක්‍රියාත්මක විරෝධතා, පනවා ඇති ඇදිරි නීතිය ද නොතකමින් තවදුරටත් ක්‍රියාත්මකයි.
කොවිඩ් ව්‍යාප්තියේදී මෙන්ම විරෝධතා පාලනයේදීද කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප්ට ප්‍රබල විවේචන එල්ලවෙමින් පවතින පසුබිමක ඝාතනයට ලක්වූ ජෝර්ජ් ෆ්ලොයිඞ්ගේ බිරිඳ සහ දියණිය ඊයේ පළමුවරට මාධ්‍ය හමුවකට පෙනී සිටියා.
එමෙන්ම විරෝධතා හේතුවෙන් ධවල මන්දිරය අවට යුද හමුදා යොදාතිබෙන ආකාරය විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කර තිබුණා.
ඊට අමතරව සුදු ජාතිකයින්ගෙන් කළු ජාතිකයින්ට සිදුවන හිරිහැරවලට විරෝධය පළ කරමින් ලොව රටවල් රැසකද විරෝධතා ආරම්භ වී තිබෙනවා.
Share This Article