කොළඹ මහ නගර සභා සීමාවේ අද සිට ඩෙංගු මර්දන මෙහෙයුමක්
Thursday, 04 June 2020 - 8:19 | Views - 401
කොළඹ මහ නගර සභා සීමාව තුළ අද සිට දින 4 ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මකයි.
මෙහිදී එක් එක් ප්‍රදේශයන් ආවරණය කරමින් සියලු පරිශ්‍රයන් පරීක්ෂාවට ලක් කිරීමටයි නියමිතව ඇත්තේ.
ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු සමඟ පොලිස් නිලධාරියෙකු මෙන්ම කසළ කළමනාකරණ අංශයේ සේවකයෙකු ද සහභාගි වන බවයි කොළඹ මහ නගර සභාව සඳහන් කළේ.
අදාළ පරිශ්‍රයන් පරික්ෂා කරන අවස්ථාවේදී ඒවා ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ලෙස හඳුනාගතහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ද ඔවුන් ප්‍රකාශ කළා.
Share This Article