ලෝකෙම කතාවෙන ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ක්රිකට් කණ්ඩායමක් ලාංඡනය කළු කරයි
Thursday, 04 June 2020 - 7:56 | Views - 449
ලෝකෙම කතාවෙන ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ක්රිකට් කණ්ඩායමක් ලාංඡනය කළු කරයි (වීඩියෝ)
බටහිර ඉන්දීය කොදෙව් ක්රිකට් කණ්ඩායම සිය රතු පැහැති ලාංඡනය කළු පැහැ ගන්වමින් ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය හෙලා දැකීමට පියවර ගෙන තිබෙනවා.
සුපිරි බටහිර ඉන්දීය කොදෙව් ක්රීඩක ක්රිස්ගේල්, ඩැරන් සමී සහ හිටපු ශ්රී ලංකා ක්රිකට් නායක කුමාර සංගක්කාර ද වර්ගවාදයට එරෙහිව සහ ෆ්ලොයිඩ්ගේ ඝාතනය හෙළා දකිමින් ට්විටර් පණිවිඩ නිකුත් කර තිබුණා.
එංගලන්ත ක්රිකට් කණ්ඩායමේ නිල ට්විටර් ගිණුමේද මෙලෙස වේගපන්දු යවන ක්රීඩක ජොෆ්රා ආචර් සුදු ජාතික ක්රීඩකයන් වැළදගෙන සිටින ඡායාරූපයක් මුදාහැර ඇත්තේ කළු ජාතිකයන්ට මිත්රත්වයේ දෑත් දිගු කිරීමේ සංකේතයක් ලෙසයි.
Share This Article