මහ බැංකුව යටතේ පවතින මූල්‍ය ආයතන කඩාවැටීමේ වගකීම මහ බැංකුව භාරගත යුතු බව අගමැති කියයි
Wednesday, 03 June 2020 - 16:20 | Views - 728
ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය යටතේ පවතින මුල්‍ය ආයතන කඩාවැටීමේ වගකීම මහ බැංකුව විසින් භාරගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

අග්‍රාමත්‍යවරයා මේ බව කියා සිටියේ ද ෆිනෑන්ස් කම්පැනි පී එල් සී ආයතනයේ වර්තමාන තත්වය පිළිබඳ අරලියගහ මන්දිරයේ අද පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවතින මුල්‍ය ආයතන මෙලෙස දිගින් දිගටම කඩාවැටීම සහ එවැනි මූල්‍ය ආයතනවල සිදුවන අක්‍රමිකතා හේතුවෙන් රජය අප්‍රසාදයට පත්වන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මේ හේතුවෙන් රාජ්‍ය මූල්‍ය ආයතන සම්බන්ධයෙන් පවතින ජනතා විශ්වාසය පළුදු වන බවත්, පෙන්වාදුන් අග්‍රාමාත්‍යවරයා, අලූතින් නීති සකස් කර හෝ මෙවැනි මූල්‍ය වංචා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගතයුතු බව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ද ෆිනෑන්ස් ආයතනයේ තැන්පතුකරුවන් සඳහා මුදල් ගෙවීම කඩිනමින් සිදුකරන ලෙසද අග්‍රාමාත්‍යවරයා මෙහිදී දැනුම්දී ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ අනුව ලබන සඳුදා සිට තැන්පතුකරුවන්ගෙන් සියයට 97 ක් දක්වා එම මුදල් ගෙවීම සිදුකරන බව නියෝජ්‍ය මහබැංකු අධිපති එච්.ඒ. කරුණාරත්න මෙම සාකච්ඡාවේදී  ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top