ලෝකයම කතා කරන කළු ජාතිකයා ගැන, ඔහුගේ හිටපු බිරිඳ මාධ්‍ය හමුවේ හෙළි කළ සංවේදී කතාව - Photos
Wednesday, 03 June 2020 - 14:51 | Views - 665
George Floyd කියන්නේ මේ දිනවල බොහෝ දෙනෙක් කතාබහ කරන චරිතයක් බවට පත් වෙලා. ඒ ඔහු සුදු ජාතික පොලිස් නිලධාරීයෙක් අතින් අවාසනාවන්ත ලෙස මිය ගිය නිසයි. ඇමරිකාවම හෙල්ලූ ඒ කතාවේ අයිතිකරුගේ අවමංගල දිනය අදයි. ඒ සදහා බොහෝ පිරිසක් එක්ව තිබෙන අතර මාධ්‍ය ඉදිරියට මෙතෙක්කල් පෙනී නොසිටි ඔහුගේ හය හැවිරිදි දියණිය හා ඔහුගේ හිටපු ආදරණිය බිරිද ඔවුන්ගේ ආදරනියයා වෙනුවෙන් කතා කළා.

හිටපු බිරිද Roxie Washington ප්‍රසිද්ධියේ ලෝක ජනතාවට ස්තුති කර ඔහුගේ හොද ගති ගුණ ගැන පවසද්දී මිය ගිය George Floydගේ ආදරණිය දියණිය Gianna මවගේ කතාවට සවන් දෙමින් දුකෙන් පසු වූ හැටි සියල්ලන්ගේ අවධානයට පත් වූ බවද විදෙස් මාධ්‍ය සදහන් කර සිටිනවා. එමෙන්ම ඇය පවසන්නේ " එයා හොද මනුස්සයෙක් බවට දුව හොදම උදාහරණයයි..එයා ගොඩාක් හොද තාත්තා කෙනෙක්, ඒ විතරක් නෙමෙයි එයා හොද මනුස්සයෙක්, ඒ වගේ මනුස්සයෙක් තමයි අපිට අහිමි වුනේ. මම එයාගේ බෙල්ල හිරකරන වීඩියෝ එක මාධ්‍යයෙන් දක්වා, හුස්ම ගන්න බැහැ කියලා කෑ ගහද්දි තවත් හුස්ම හිර කරමින් එයාව මරා දාන්න ඔවුන් කටයුතු කළා..මේ සිද්ධියෙන් මුළු ලෝකයම කම්පාවෙලා..එයා ගැන බොහෝ දෙනෙක් කතා කළත් එයා දැන් අපිත අහිමි වෙලා අවසන්.." හිටපු බිරිද කදුළු සලමින් කියා සිටියේ එලෙසිනුයි. ඇය යලි විවාහ වී සිටින පුද්ගලයා දියණියට ආදරේ බවත් කලින් සැමියා George Floyd වැඩිපුරම ආදරේ කළ දියණිය ඔහු වෙනුවෙන් ආදරෙන් හදාගැනීම ඇයගේ බලාපොරොත්තුව බවත් කියා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top