කොරෝනා වෛරසයට බියෙන් පුද්ගලයෙකු දියණිය සමඟ ඉන්දියාවේ සිට බෝට්ටුවකින් දිවයිනට
Wednesday, 03 June 2020 - 14:47 | Views - 1,148
ඉන්දියාවේ පවතින කොරෝනා වෛරසයේ දැඩි අවදානම් තත්ත්වය හේතුවෙන් එරට සිට පුද්ගලයෙකු සිය දියණිය සමඟ බෝට්ටුවකින් දිවයිනට පැමිණ තිබෙනවා.
තලෙයිමන්නාරම ප්‍රදේශයෙන් මෙරටට පැමිණි 33 හැවිරිදි පියා සහ 8 හැවිරිදි දියණිය අනතුරුව පොලීසියට භාරවී ඇති බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.
මෙම පුද්ගලයා මන්නාරමේ පදිංචිකරුවෙකු වුව ද, 1990 වසරේදී ඉන්දියාවට ගොස් තමිල්නාඩුවේ සරණාගත කඳවුරක නැවතී සිය බිරිද හා දියණියන් දෙදෙනා ද සමඟ දිවි ගෙවා තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මොවුන් රැගෙන ඒමට බෝට්ටුවේ ගිය අදාළ පුද්ගලයාගේ පියා ද පූනානිහි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ බවයි.
Share This Article