නිශ්ශංක සේනාධිපතිගෙන් යහපාලන ආණ්ඩුවේ දේශපාලනඥයින්ට චෝදනා
Wednesday, 03 June 2020 - 14:27 | Views - 572
යහපාලන ආණ්ඩුවේ දේශපාලනඥයින් සිය පැවැත්ම උදෙසා බොරු මත ප්රචාරය කරමින් එවක සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අපකීර්තියට පත් කිරීමට කටුයුතු කළ බවට ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා චෝදනා කරනවා.
ඔහු මෙම චෝදනාව කළේ, දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසමට ප්රකාශයක් ලබාදීමට අද පැමිණි අවස්ථාවේදී.
ඇවන්ගාඩ් සමාගම අත්තනොමතික ආකාරයෙන් පවරාගැනීම හේතුවෙන් සිදු වූ හානිය සම්බන්ධයෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඇවන් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පැමිණිල්ලක් ගොනු කර තිබුණා.
ඒ පිළිබඳ ප්රකාශයක් ලබාදීම සඳහා ඔහු අද ජනාධිපති කොමිසම හමුවට පැමිණියේ තෙවන දිනටයි.
Share This Article