විවාහ මංගල්‍යයට ගිය 30ක් රෝහලේ -[Video]
Wednesday, 03 June 2020 - 12:48 | Views - 1,301
ආරයන්පදි - කෝවිල්කුලම් ප්‍රදේශයේ විවාහ මංගල්‍යක් පැවැත්වුණ නිවසක 200 දෙනකු පමණ කුකුල්මස් සමග බුරියානි අනුභව කිරීමෙන් පසු මොවුන්ගෙන් 30 දෙනෙකු පමණ පිරිසක් කලන්තය, වමනය සහිත උණ තත්ත්වයක් හේතුවෙන් ආරයන්පදි දිසා රෝහලට සහ මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුලත් තිබෙනවා.
ආහාර විෂවීමෙන් රෝහලට ඇතුළත් කළ පිරිස අතර කාන්තාවන් හා කුඩා දරුවන්ද වන බවයි අප වාර්තාකරු පවසන්නේ.
ඊයේ රාත්‍රියේ සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැඩි විමර්ශන පවත්වන බවයි දැනගන්නට ලැබෙන්නේ.
Share This Article