දරු පස්දෙනෙකු හදාගැනීමට උදව් ඉල්ලන හමුදා පවුල
Wednesday, 03 June 2020 - 10:15 | Views - 9,774
දෙවරක් ලැබුන නිවුන් දරුවන් ඇතුළු දරුවන් පස්දෙනෙකු ජීවත් කරවීම සඳහා දඹුල්ල- ලෙනදොර- කිරලැස්ස ප්‍රදේශයේ මවක් උපකාර අපේක්ෂා කරනවා.
එම දරුවන්ගේ පියා යුද්ධ හමුදා කොමාන්ඩෝ බලකායේ සෙබලෙක් වන අතර මව ප්‍රකාශ කළේ පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ සැමියාගේ වැටුපෙන් පමණක් තම දරුවන් පස්දෙනා ජීවත්කරවීමට අපහසු බවයි.
වැඩිමහල් දරුවා ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ බව ද ඇය වැඩිදුරටත් පවසනවා.
යම් අසනීප තත්ත්වයකින්ද පෙළෙන ඇය ඉල්ලා සිටින්නේ තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යම් කෙනෙකුට හැකියාව ඇතිනම් තම දරුවන් වෙනුවෙන් උපකාර කරන ලෙසයි.
Share This Article