විරෝධතාකරුවන් ඉදිරියේ දණ නැමූ පොලිස් ප්‍රධානියෙක් කළ දේ සියල්ලන් සංවේදී කරයි - Photos
Wednesday, 03 June 2020 - 9:53 | Views - 543
සාමය ස්ථාපිත කිරීම සඳහා මේ අවස්ථාවේ සියල්ලන් කටයුතු කළ යුතු බව පවසමින් ලොස් ඇන්ජලීස් පොලිසියේ අණදෙන නිලධාරි කෝරි පැල්කා( Cory Palka) හොලිවුඩ්හි පැවැති විරෝධතාවකට සහභාගි වෙමින් ජනතාවගෙන් ඉල්ලා සිටියා.
 
විරෝධතා රැලිය පැවැත්වෙමින් තිබූ (Sunset Boulevard) නම් ස්ථානයට පැමිණි හෙතෙම සිය ශීර්ෂාවරණය ඉවත් කර බැටන් යෂ්ටිය බිම තබා මෙගාෆෝනයකින් ජනතාව අමතමින් මෙසේ පවසා තිබෙනවා.

“අපට එක්ව ගමන් කළ හැකි යැයි මම සිතමි. මා පැලඳ සිටින පදක්කම්වලට වඩා වැඩිදෙයක් එනම් මගේ හදවත ඔබ වෙනුවෙන් පුදමි. කරුණාකර සාමය උදෙසා ඔබේ සහයෝගය දෙන්න”.
 
ඉන්පසු විරෝධතාකරුවන් අනුගමනය කරමින් ඔහුද ඔවුන් සමඟ බිම දණ නවා ගත්තා.
 
එසේ එක් දණක් බිම නවාගැනීම ජෝර්ජ් ෆ්ලොයි ඝාතනය කිරීමට විරෝධය දක්වන ව්‍යාපාරයේ බාහිර ලකුණක්.
 
මන්දයත් සුදු ජාතිවාදී පොලිස් භටයා මෙම ඝාතනය කිරීමේදී සිය ගොදුරේ ගෙල මත යොදන ලද මාරක ඉරියව්ව එය වූ බැවිනුයි.
 
“පොලිස් ප්‍රධානියාගේ හැසිරීම නිසා එහි රැස්ව සිටි අප සියල්ලන්ගේ හෘදයන් දැවී ගියේය. අයුක්තිය සහ අසාධාරණය ඉදිරියේ මිනිසුන් විරෝධය පළ කළ යුතුය. අදහස් පළ කිරීමේ නිදහස ඇමෙරිකානුවන් වන අපට අතිශයින් වැදගත්ය. නමුත් ප්‍රචණ්ඩත්වය දක්වා ගමන් නොකර ස්වාභාවිකව පැනනඟින විරෝධතාව දැක්වීමේ විනය අපට තිබිය යුතු” යැයි විරෝධතාකරුවකු පවසා තිබෙනවා.
 
“එම පොලිස් නිලධාරියා සිදු කළේ අතිශයින් ඉදිරිගාමී ක්‍රියාවකි. පෙර දිනවල පැවැති විරෝධතා පාලනය කළ නොහැකි මට්ටමට වේගයෙන් වර්ධනය වූ නමුත් මේ අවස්ථාවේ එසේ සිදු නොවීය. අපේ හෘදයාංගම හැඟීම් බෙදාගැනීම සාමය ඇති කිරීම පිණිස යොදාගත හැකි මහඟු උපක්‍රමයකි” යැයි වාර්තාකරුවෙකු වූ ඇලෙක්සිස් ෂේ සිය වාර්තාවේ සඳහන් කළා.
 
සමාජ මාධ්‍යයක තිබූ මෙම සටහන ඇතැම් විදෙස් පුවත් සේවාවන් උපුටා දක්වා තිබුණා.
 
“ඇමෙරිකානු පුරවැසියන් මර්දනය කිරීමට ජනාධිපතිවරයා ඇමෙරිකානු හමුදාව කැඳවා ඇත. සාමකාමී සාධාරණ විරෝධතා ව්‍යාපාරයක් හමුදාව යොදා කුඩුපට්ටම් කිරීමෙන් පසු දේවස්ථානයක් ඉදිරිපිට සිට ඡායාරූපයක් ගැනීම ඔහුගේ සිරිතයි. මෙය ඔහුට තවත් රූපවාහිනි රියැලිටි වැඩටහනක් පමණකි නින්දිතයි”.
 
''අසාධාරණ මිනීමැරුමකට එරෙහි සාධාරණ උද්ඝෝෂණය පොලිසිය ලවා බලහත්කාරයෙන් මැඬ පැවැත්වීමට පාලකයන් ගත් උත්සාහයේ අසාර්ථකත්වය මේ සතිය මුල සිටම පැහැදිලි වුවා. Fairfax පෙදෙස අළු දූලි බවට පත් වූවා පමණයි. Santa Monica පෙදෙසේ වෙරළබද කඩසාප්පු අවස්ථාවාදීන් විසින් කොල්ලකන ලැබුවා.''
 
තවදුරටත් ලොස් ඇන්ජලීස් සම්පූර්ණ ප්‍රදේශය පුරා සවස 6 සිට ඇඳිරි නීතිය බලපැවැත්වෙනවා.

උපුටා ගැනුම - මව්බිම පුවත්පත

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top