ඇමරිකාවේ පොලිස් ප්‍රධානියෙක් ප්‍රසිද්ධියේම ජනපති ට්‍රම්ප්ට කට වහගන්න කියයි -[Video]
Wednesday, 03 June 2020 - 9:18 | Views - 1,972

අමෙරිකාවේ - මිනේසෝටා හිදී නිරායුධ කළු ජාතිකයෙකු පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කිරීමේ සිද්ධියක් මුල්කර ගනිමින් පැවැත්වෙන විරෝධතා 7 වන දිනටත් ක්‍රියාත්මකයි.
46 හැවිරිදි ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතික තරුණයා පසුගිය 25 වැනිදා පොලිස් නිලධාරියෙකු ග්‍රහණයට ගෙන පාදයෙන් ඔහුගේ ගෙල සිරකර ගෙන සිටියදී මරණයට පත්වුණා.
ඒ සමඟ ප්‍රාන්ත රැසක විරෝධතා ආරම්භ වූ අතර, තත්ත්වය පාලයට ඇඳිරිනීතිය ක්‍රියාත්මක කළ ද එය ද නොතකමින් විරෝධතා ක්‍රියාත්මක වනවා.
ධවල මන්දිරය අසළ දේවස්ථානයකට විරෝධතාකරුවන් හානි කර ඇති ආකාරය නිරීක්ෂණයට ජනපති ට්‍රම්ප් හදිසියේ එහි ගොස් තිබෙනවා.
මේ අතර, අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ අවශ්‍ය වුවහොත් තත්ත්වය පාලනයට හමුදා භටයන් යෙදවීමට සූදානම් බවයි.
"අමෙරිකාවේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ කැරලි කෝලාහල නැවැත්වීමට මෙන්ම නීතිගරුක අමෙරිකානුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සියලු සිවිල් සහ මිලිටරි බලමුලු ශක්තිමත් කරනවා. මම සෑම ආණ්ඩුකාරවරයකුටම තරයේ නිර්දේශ කළේ ජාතික ආරක්ෂක බළකාය ප්‍රමාණවත් ලෙස යෙදවීමටයි. ප්රචණ්ඩත්වය මැඩපවත්වන තුරු නගරාධිපතිවරු සහ ආණ්ඩුකාරවරු අධික ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතුයි".
මේ අතර CNN ප්රවෘත්ති නාළිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වූ හූස්ටන්හී පොලිස් ප්‍රධානී Art Acevedo අවධාරණය කළේ වැදගත් යමක් පැවසීමට නැතිනම් ඇමරිකානූ ජනාධිපතිවරයා කට ප්‍රවේශම් කරගැනීම සුදුසු බවයි.
Share This Article