පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද මගී ප්‍රවාහනයට
Wednesday, 03 June 2020 - 8:05 | Views - 2,059
ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට ගෙන ලබන සඳුදා සිට දුම්රිය , බස් ඇතුළු සියලු පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය අන්දමින් පවත්වාගෙන යාමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කළා.
ඒ අනුව, පෞද්ගලික හා ලංගම බස් රථ උපරිමයෙන් ධාවනය කෙරෙන අතර, පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද තාවකාලිකව මගී ප්‍රවාහනය සඳහා යෙදවීමට අපේක්ෂා කෙරෙනවා.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ ලංකා ගමනාගමන මණ්ඩලය මගින් එම බස් රථ හෙට සිට තාවකාලිකව ලියාපදිංචි කරන බවද සඳහන්.
Share This Article