ඊයේ මෙරටින් වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් 40 දෙනාගේ තොරතුරු හෙළිවෙයි
Wednesday, 03 June 2020 - 8:01 | Views - 2,529
ඊයේ (02) දිනය තුළ පමණක් මෙරට කොරෝනා ආසාදිතයින් 40 දෙනෙක් වාර්තා වු අතර ඉන් පුද්ගලයින් 32 ක් විදෙස් රටවල සිට මෙරටට පැමිණි අය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
එයින් ආසාදිතයින් 7 දෙනෙක් නාවික සෙබළුන් වන අතර එක් ආසාදිතයෙක් නාවික සෙබළෙක් සමඟ සමීපව ඇසුරු කළ අයෙක් බව යුද හමුදාපතිවරයා වැඩි දුරටත් පැවසුවේ.
මේ අනුව, ඊයේ රාත්‍රී 11.50 වන විට තවත් ආසාදිතයින් 27 දෙනෙක් වාර්තා වු අතර සමස්තය 1683ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.
ඊයේ දිනය වන විට පුද්ගලයින් 823 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර පුද්ගලයින් 849ක් රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබනවා.
මෙරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ 11ක්.
Share This Article