මාවතගම පළගැටියා දකුණු පළාතටත් (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 21:23 | Views - 826

කුරුණෑගල - මාවතගම ප්‍රදේශයෙන් වාර්තාවූ පළගැටි විශේෂය මේ වනවිට මාතර දිස්ත්‍රික්කයෙන් ද, සොයා ගෙන තිබෙනවා.
බතලේගොඩ වී පර්යේෂණ ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ එස්.ආර්. සරත්චන්ද්‍ර කියා සිටියේ මාතර - පූරුගමුව සහ වලකන්ද යන ප්‍රදේශවලින් වගාවන්ට හානි කරන මෙම පළගැටි විශේෂය පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බවයි.
පසුගියදා හිරු ප්රවෘත්ති මගින් මාවතගම - ෆ්රැන්සිස්කෝ වත්ත ප්‍රදේශයෙන් හමුවූ මෙම පළගැටි විශේෂය පිළිබඳව තොරතුරු වාර්තා කළ අතර, පසුව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා ද එම ප්‍රදේශයට පැමිණ නිරීක්ෂණයක් සිදුකළා.
අද වනවිට මාවනැල්ල - අත්නගොඩ ප්‍රදේශයේ වගාවන්ටද මෙම පළගැටියා හානිකර තිබෙනවා.
ඒ අනුව දැනට මෙම පළගැටියන් දිස්ත්‍රික්ක 3 කින් හඳුනාගෙන ඇති බවයි බතලේගොඩ වී පර්යේෂණ ආයතනයේ සහකාර අධ්යක්ෂ එස්.ආර්. සරත්චන්ද්‍ර සඳහන් කළේ.
කහ තිත් පළගැටියා ලෙස දැනට හඳුනාගෙන ඇති මෙම පළගැටියා 1925 වසරේ සිට මෙරටින් වාර්තා වන බවත් පොල් පර්යේෂණ ආයතනය පවසනවා.
එහි කීට විද්‍යාඥ ආචාර්ය නයනි ආරච්චිගේ කියා සිටියේ වෙනත් වසරවලට සාපේක්ෂව මෙම වසරේදී මෙම සත්ත්වයාගේ ගහනය සීඝ්‍ර ලෙස වැඩිවී ඇති බැවින් එය පාලනය නොකළහොත් එය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවයි.
Share This Article