මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1648 දක්වා ඉහලට
Tuesday, 02 June 2020 - 20:29 | Views - 474
ඩුබායි සිට පැමිණි තවත් අයෙකුට කොරෝනා අසාදනය වී ඇති බව අනාවරණ වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1648 දක්වා ඉහලගොස් තිබෙනවා.

මේ අතර මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 823 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද වෛරසය ආසාදනය වී සුවය ලැබූවන් 12 දෙනෙකු රෝහල්වලින් පිටව යාමත් සමඟයි.

මේ වනවිට වෛරසය ආසාදනය වූවන් 813 ක් දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා.

මේ අතර හිරු ටී.වී ඔස්සේ විකාශය වු පත්තරේ විස්තරේ වැඩසටහන සමග අද පෙරවරුවේ සම්බන්ධ වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ කොරෝනා ව්‍යාප්තියට බලපෑ නාවික හමුදා පොකුර මේ වන විට අක්‍රීය වෙමින් පවතින බවයි.

මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් අපහසුතාවට පත්ව සිංගප්පූරුවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 291 දෙනෙකු අද පස්වරුවේ දිවයිනට පැමිණියා.

ඒ, ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින්.

ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම මේ වනවිට කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ සිදු කෙරෙන බව ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළා.

මීට අමතරව ලබන සෙනසුරාදා ද එක්සත් රාජධානියේ රැඳීසිටින තවත් ශ්‍රී ලාංකිකයින් පිිරිසක් මෙරටට රැගෙන ඒමට නියමිතයි.

මේ අතර, මහජන හැසිරීම් මෙන්ම, සෞඛ්‍ය උපදෙස් සලකා බලා ලබන සඳුදා සිට දුම්රිය බස් රථ ඇතුළු සියලුම පොදු ප්‍රවාහන සේවා දිස්ත්‍රික් අතර, සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.

මගී ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය සදහන් කළේ විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ මෙන්ම ශ්‍රී ලංගම ප්‍රධානීන් සමඟ අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බවයි.   

සෞඛ්‍ය උපදෙස් අනුව ලබන සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

මේ අතර අද සහ හෙට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නිතීය බලපවත්වනු ලබන්නේ රාත්‍රී 10 සිට අළුයම 4 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය මීට පෙර නිවේදනය කළා.

එළඹෙන බ්‍රහස්පතින්දා සහ පොසොන් පොහොය යෙදෙන සිකුරාදා දෙදින තුල මුළු දිවයිනටම ඇදිරී නිතීය ක්‍රියාත්මකයි.

ජුනි 06 සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රික්කවල නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නිතීය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට අලුයම 4 දක්වායි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top